Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව සේවාවන් අංශ හා සේවා

අංශ හා සේවා

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය පහත සඳහන් අංශ හා සේවා වලින් සමන්විතය.

  • දිස්ත්‍රික් මධ්‍ය පුස්තකාලය
  • පරිගණක පුස්තකාලය
  • ඌව පළාත් පුස්තකාලය
  • ජංගම පුස්තකාල සේවාව
  • ශ්‍රවණාගාර පහසුකම් අලෙවි සේවාව
  • දේශන ශාලා පහසුකම් අලෙවි සේවාව
1. පුස්තකාල සේවා සපයන වේලාවන් කොතෙක් දුරට ප්‍රජාවගේ අවශ්‍යතා සමග අනුකූල වන්නේදැයි නිශ්චය කිරිම සඳහා විවිධ උපාය මාර්ග ගැනිමට අප වෙහෙසි කටයුතු කරන්නෙමු.
 
2. පුස්තකාලයේ එකතුව පිළිබඳ තොරතුරු ඉක්මනින් නිවැරදිව ලබා ගැනිමට පරිගණක දත්ත ගබඩාවක් සකස් කරන්නට නියමිතය
  පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගැනිමට පෝරම පිරවීම අවශ්‍ය නැත. මුදලින් රුපියල් සියයක් ගෙවා දිස්ත්‍රික් මධ්‍ය පුස්තකාලයේද පරිගණක පුස්තකාලයේද සාමාජිකත්වය ලබාගත හැකිය
3.
4. පුවත්පත් අංශයේ සේවාව හා කියවීම් ශාලාව සියළු දෙනාටම විවෘත
5. ඔබට අවශ්‍ය පොතපත ඇතුළු තොරතුරු සම්පත් සොයා ගැනිමට පුස්තකාල කාර්ය මණ්ඩල සහය වෙයි. පොතපත ඇතුළු තොරතුරු සම්පත් පිළිබඳ මනා පුහුණුවක් කාර්යය මණ්ඩලය ලබා ඇත.
6.
7. කාර්යය මණ්ඩලය සහයශීලි මෙන්ම සුහදශිලි වන අතර, සිය රාජකාරි හොඳින් ඉටු කිරිමට අවශ්‍ය මනා පළපුරුද්ද ඔවුන් සතුවේ.
8. ඔබට අවශ්‍ය පොත පත ලබාදීමට අපි උත්සාහවන්ත වෙමු.
9. ප්‍රජාවගේ සංස්කෘතික හා කලාත්මක විවිධත්වය පිළිබිඹු වන සේවාවන් සැපයීමට ප්‍රයත්න දරන්නෙමු.
10. ආබාධිත පුද්ගලයන්ට ද පිවිසිය හැකි ලෙස ඊට අදාල පහසුකම් සහිත සේවාවක් සැලසුම් කරන්නෙමු.
11. සියළු පාඨකයින්ගේ අවශ්‍යතා අසාධාරණයකින් තොරව සපුරා ලීමට අවශ්‍ය උපදෙස් හා පුහුණුව කාර්යය මණ්ඩලයට ලබා දෙන්නෙමු.
12. ඈත දුෂ්කර නොදියුණු ගම් දනව් වෙත ජංගම පුස්තකාල සේවාවන් මගින් පුස්තකාල සේවා ප්‍රවර්ධනය කිරිමට කටයුතු කරමු.
13. බන්ධනාගාර රැඳවියන් වැඩිහිටි නිවාස වල සිටින අය ආදි විශේෂ සමාජ කණ්ඩායම් සඳහා පුස්තකාල සේවා සපයන්නෙමු.
14. නව තොරතුරු තාක්ෂණය පාඨක සැමට හඳුන්වා දෙන්නෙමු.
15. පළාතේ ජන විඥානයට අදාල තොරතුරු සම්පත් නිර්මාණය, සම්පාදනය, ඛෙදාහැරිම, ප්‍රචලිත කිරිම හා සංරක්ෂණය අපගේ වගකීම් අතරට එක්කර ඇත.
 
16. අන්තර් පුස්තකාල ජාල, අන්තර් පුස්තකාල පිරුළු සේවා ක්‍රියාත්මක කිරිමට නියමිතය.
17. පාඨක ඔබ සඳහාම වෙන්වු අපගේ වෙබ් අඩවිය මඟින් ඔබට අප හා සම්බන්ධ විය හැකිය
18. විවිධ ක්‍රම ශිල්ප උපයෝගී කරගනිමින් ඔබ හා එක්වීමට අපගේ වෙබ් අඩවිය භාවිතා කිරිමට සැලසුම් කරමු.
19. ඔබට අවශ්‍ය අවස්ථාවන්හි දි අපගේ සේවාවන් පිළිබඳ වැඩිදුර විස්තර සැපයිය හැකිය. පුස්තකාල හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවාව පිළිබඳ ඔබගේ අදහස් වලට අප සවන් දෙන්නෙමු.
 
20. අප සමග ඛෙදා හදා ගැනීමට දැනුම ආකල්ප කුසලතා ඔබ සතුව ඇත්නම් අධ්‍යක්ෂ/සභාපති හමුවන්න. නැත්නම් යෝජනා හා පැමිණිලි සටහන් පොතේ සටහන් තබන්න.
 
 
 
 
 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4