Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය

පාඨක ප්‍රඥප්තිය

පාඨක ප්‍රඥප්තිය - විමර්ශන පුස්තකාලය

1. පුස්තකාලය තුල නිශ්ශබ්දතාවය ආරක්ෂා කරමි.
2. පුස්තකාලය තුල ආහාර ගැනීමෙන් වැළකෙමි.
3. පුස්තකාලය තුල තැන තැන කැළි කසල දැමීමෙන් වැළකෙමි.
4. පුස්තකාලය හොඳින් භාවිතා කිරිමට ඉගෙන ගනිමි.
5. පුස්තකාලයේ පොත් පත් ඉතා සුපරික්ෂාකාරි ලෙස පරිශිලනය කරමි.
6. පුස්තකාලයේ පොත් පත් සංවිධානය කර ඇති ආකාරය පිළිබඳ අවබෝධය ලබා ගනිමි.
7. කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරමි.
8. පුස්තකාලය භාවිතය පිළිබඳ අවශ්‍ය උපදෙස් පුස්තකාල කාර්ය මණ්ඩලයෙන් ලබා ගනිමි.
9. සෑම දිනකම පුස්තකාලය භාවිතා කිරිමට සාමාජික බල පත්‍රය අතැතිව පැමිණෙමි.
10. පුස්තකාල කාර්යය මණ්ඩලයේ උපදෙස් කාරුණිකව අනුගමනය කරමි.
11. පුස්තකාලය තුළට මා සතු බාහිර පොත් පත් ගෙනයාමෙන් වැළකෙමි.
12. පුස්තකාලය සතු පොත්පත් විමර්ශන අංශයෙන් පිටතට ගෙනයාමෙන් වැළකෙමි.
13. පුස්තකාලය තුල ජංගම දුරකතන භාවිතයෙන් වැළකෙමි.
14. පුස්තකාලය තොරතුරු කුසලතා ප්‍රගුණ කර ගැනිමට වෑයම් කරමි.
15. පොත පත කියවීමේ අගය වටහා ගැනිමටත් කියවීමේ මානසික සුවය අත්විඳිමටත් උත්සාහ ගනිමි.
16. පුස්තකාල සංවර්ධනයට හැකි සෑම අයුරින්ම දායක වෙමි.
17. පුස්තකාලය භාවිතා කිරිමේදී විනිවිද භාවයෙන් යුක්තව කටයුතු කරමි.
18. පුස්තකාලය තුල විනීතව කටයුතු කරමි.
19. සාමාජිකයකු/සාමාජිකාවක ලෙස වගකීමෙන් යුක්තව කටයුතු කරමි.
20 පුස්තකාල පොත් පත් වලට හානිවන අයුරින් කටයුතු නොකරමි.
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4