Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය

පුස්තකාල ආචාර ධර්ම

ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය - පුස්තකාල ආචාර ධර්ම

  •  

පුස්තකාලය දැනුම් සාගරයකි. මාගේ හදවතින්ම පුස්තකාලයට ගරු කරමි.

  •  
පුස්තකාලය පොදු ජනතාවගේ සම්පතකි. පුස්තකාලය ආරක්ෂා කිරිමට මම බැඳි සිටිමි.
  •   
පුස්තකාලය වත්මන් පරපුර සඳහා පමණක් නොව මතු පරපුර සඳහාය. පුස්තකාලය රුක ගැනිමට මම දායක වෙමි.
  •  
පුස්තකාලය විශ්ව විද්‍යාලයකි.මම එහි ඉගෙන ගන්නා අවංක ශිෂ්‍යයෙකු/ශිෂ්‍යාවක වෙමි.
  •  
තොරතුරු අවශ්‍යතා සඳහා මා පිවිස ඇත්තේ පුස්තකාලය වෙතයි.තොරතුරු සාක්ෂරතාවය දියුණු කරගනිමින් මම පුස්තකාලය ඵලදායි ලෙස භාවිතා කරමි.
 
  •  
මිනිසාගේ ගමන් මග සකසා ගැනිමට පොතපත මහත් මෙහෙයක් ඉටුකර ඇත. මම පොත පත මාගේ ඇස මෙන් ආරක්ෂා කරමි.
  •  
නිහඬව පොත පත ඉටුකරන මෙහෙය උතුම්ය. මම පොත පතට ආදරය කරමි.
  •  
පොත පත සීමිතය. පොත පත හුවමාරු කර ගැනීමට සැලසීම මාගේ යුතුකමකි.
  •  
පොත පත සීමිතය. පොත පත හුවමාරු කර ගැනීමට සැලසීම මාගේ යුතුකමකි.
  •  
පොත පත යනු මුද්‍රිත ප්‍රකාශන පමණක් නොවේ. විද්‍යුත් ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා විහිදෙන එය අන්තර්ජාලය හා වෙබ් පිටු අතරට ගමන් කරයි. පුස්තකාලය හා තොරතුරු ආචාර ධර්ම මාගේ ජීවිතය සකස් කරන බව විශ්වාස කරමි.
  •  
තොරතුරු නොමැති මට ජීවත් විය නොහැකිය.
  •  
තොරතුරු පිපාසයෙන් දිනපතා මම පුස්තකාලය වෙත පිය නගමි.

 

 

 
 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4