Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව අප ගැන සංවර්ධන අරමුණු

සංවර්ධන අරමුණු

 ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩල ප්‍රඥප්තියේ දැක්වෙන ඌව පළාත් පුස්තකාල සංවර්ධන අරමුණු

1. ඌව පළාතේ පුස්තකාල හා තොරතුරු සේවා සම්බන්ධිකරනය හා සංවර්ධනය කිරීම.
2. පොත් පත් හා ලේඛන සංරක්ෂණය කිරීම.
3. ප්‍රලේඛන සේවා සංවිධානය කිරීම හා ලේඛන කලාව හා ග්‍රන්ථකරණය සම්බන්ධව උනන්දුවක් දක්වන ලේඛකයින්ගේ ග්‍රන්ථ ප්‍රකාශන කටයුතු වලට සහයවීම.
4. කියවීමේ ද්‍රව්‍ය උපකරණ සුලභ කිරීම, ප්‍රදර්ශන සම්මන්ත්‍රණ හා ව්‍යාපෘති කටයුතු පවත්වා ගෙන යාම.
5. අධ්‍යාපනික හා අවබෝධාත්මක වැඩසටහන් පවත්වාගෙන යාම.
6. පළාතේ පුස්තකාලවල පුස්තකාලයාධිපතීන් හා පුස්තකාල කාර්ය මණ්ඩල බඳවා ගැනීමේ උසස් කරලීමේ පටිපාටින් සකස් කිරීම සහ විභාග පරික්ෂණ පැවත්වීම.
7. පුස්තකාල සංවර්ධන අරමුදල පිහිටුවීම හා එකී කටයුතු පවත්වාගෙන යාම.
8. පළාත තුළ සියළුම ආකාරයේ (පෞද්ගලික නොවන) පුස්තකාල සේවාවන් විධිමත්ව පවත්වාගෙන යැමට අවශ්‍ය සියළු සම්බන්ධීකරණ කාර්යයන් සඳහා අවශ්‍ය විධිවිධාන පැනවීම.
9. පුස්තකාල සඳහා අවශ්‍ය පොත් පත්, උපකරණ සැපයීම හා ඒ සඳහා අවශ්‍ය විධිමත් සැලසුම් සැකසීම හා නියම කිරීම.
10. ජාතික හා අන්තර් ජාතික දැනුම හා තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවනතාවන් හා බද්ධ වෙමින් ඌව පළාත තුළ තොරතුරු තාක්ෂණය හා දැනුම ප්‍රවර්ධණය කිරිම.
11. මුලීක පරමාර්ථයන්ට හා ක්‍රියාකාරකම්වලට අනුකුල වන්නා වු කාර්යයන් පවත්වාගෙන යැමට අවශ්‍ය වෙනත් විවිධ ක්‍රියාකාරකම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නා වු අතුරු ව්‍යවස්ථා සහ අදාල අනෙකුත් ව්‍යවස්ථා නිතිරිති සම්පාදනය කිරීම හා නියෝග සැකසීම.

 

 
 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4