Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව අප ගැන හැඳින්විම

හැදින්වීම

ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රාග් ඓතිහාසික රාවණා රාජ සමය දක්වා දිවෙන දිර්ඝ ඉතිහාසයකට හිමිකම් දක්වන ඌවේ ශ්‍රි විභූතිය පිළිබඳ කියවෙන ජනප්‍රවාද රාශියකි. රාම රාවණා යුද්ධය, ඌවේ ස්වභාවික සෞන්දර්යය, දඩු මොණරය ,බුදුරජානන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය  එවා අතර ප්‍රමුඛස්ථානයක් ගනියි. අනුරාධපුර පොළොන්නරු යුගවලදි පටන් ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ඌව ප්‍රදේශය පිළිබඳව ඉතිහාසයේ ලියවී ඇත.

ඉතා සරුසාර කෙත් වතුවලින් පිරි පහල ඌව ප්‍රදේශය එදා වෙල්ලස්ස යන නාමයෙන් හදුන්වනු ලැබීය. එහෙත් බටහිර පාලන සමයන්හි ඉංග්‍රිසින් විසින් දැඩිලෙස මර්ධන කාරි තත්ත්වයකට ඌව පළාත පත් කරන ලදි. වීර කැප්පෙටිපොළ උපන් ගම පාළුගම බවට පත් විය. සරුසාර කෙත් වතු විනාශ කරනු ලැබිය. වැව් අමුණු විනාශ කරනු ලැබිය. ශ්‍රි ලංකාවේ කොඳු ඇටයවන්  ඌව අසරණ තත්ත්වයට පත්විය. ඉහල ඌව ප්‍රදේශයේ වටිනා වනාන්තර හෙලි පෙහෙලි කර කෝපී වගාවට හා තේ වගාවට යටත් කලේය. ඉන්දියානු සම්භවයක් ඇති ද්‍රවිඩ ජනතාව එකි වතුවල සේවයට යොදවනු ලැබීය. මෙම තත්ත්වය මත ඌව පළාත පාරම්පරික සිංහල ජනතාවට අමතරව වතුකර දමිළ ජනතාවද ව්‍යාපාරික කටයුතු සදහා පැමිණි මුස්ලිම් ජනතාව ද ආදි වාසින් ලෙස පිළිගැනෙන වැදි ජනතාවද වත්මන් ඌවේ ජිවත් වෙති.

සිංහල රාජ්‍ය සමයේ ඌව දිසාව පාලන ඒකකයක් ලෙස පිළිගෙන ඇත. 1958 දි බදුල්ල දිස්ත්‍රික්ය ලෙස හැඳින්වු ඌව බදුල්ල හා මොණරාගල යනුවෙන් දිස්ත්‍රික්ක දෙකක් ලෙස වෙන් කරන ලදි.  1978 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ ඌව වෙනම පළාත් බද පරිපාලන ඒකකයක් ලෙස විමධ්‍යගත වීමට අවස්ථාව ලබා ඇත.

ශ්‍රි ලංකාවේ ඇතම් පළාත් හා සසදන කළ ඌව පළාත් සංවර්ධන අභියෝගයන් හමුවේ තවමත් පහල මට්ටමේ පවතින බවට සාධක රාශියකි. ජානතාවගේ ආර්ථීක මට්ටම, සම්පත් ඛෙදි යාම, දිළිදුකම, යටිතල පහසුකම්, අධ්‍යාපන මට්ටම් දර්ශක වශයෙන් ඉදිරිපත් කළ හැකිය. නුතන තොරතුරු සන්නිවේදන තාක්ෂණයත් ගෝලීයකරණ  පසුතලය යටතේ ඌව පළාත පසුබාන තත්ත්වයකට පත්වී ඇත. මෙම අභියෝගය ජය ගැනිමට ඌව පළාත් සභාව දරණ උත්සහයේ ප්‍රතිපලයක් ලෙස ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය 2003 දි ස්ථාපිත කර ඇත. පළාතේ ආර්ථීක, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා යා යුතු ගමන් මඟ නුතන තොරතුරු සන්නිවේදන තාක්ෂණය හා ගෝලියකරණය හරහා වැටී ඇති බව ඌව පළාත් සභාව වටහගෙන ඇත. මෙම පරිසරය යටතේ දැනට පළාත් පාලන ආයතන මගින් සුභසාධන තේමාව යටතේ පවත්වාගෙන යන මහජන පුස්තකාල සේවාව ද අධ්‍යාපන පුස්තකාල ලෙස පැහැදිලි මඟක් ගන්නට වෙර දරන පාසල් පුස්තකාලද සම්බන්ධීකරනය කරමින් නුතන තොරතුරු සන්නිවේදන තාක්ෂණය සංවර්ධන උපාය මාර්යක් ලෙස හඳුනාගනිමින් සංවර්ධනය කරා ඉදිරියට යන්නට ඌව පළාත් සභාව අදිටන් කර ඇත.

පුස්තකාල හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය ඌවේ ජනාතාවගේ ප්‍රග්ධන සංවර්ධන ඵලදායිතා සංවර්ධන හා සම්පත් උපයොගිතා සංවර්ධන උපාය මාර්ගයන් ලෙස  යොදා ගැනිමට අපේක්ෂා කර ඇත. මෙම කටයුතු සාර්ථක කර ගැනිම උදෙසා ඌව පළාත් පුස්තකාලය බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික මධ්‍ය පුස්තකාල මහජන හා පාසල් පුස්තකාල අතර සම්බන්ධිකරණය පවත්වා ගනිමින් සංවර්ධන අවස්ථා සලසා දීමටත් තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ විපුල ඵල ඌවේ ජනතාවට ලබා දීමටත් තොරතුරු සාක්ෂර කුසලතාවයෙන් හෙබි අභිමානවත් ජනතාවක් ලෙස නැවතත් නැගිසිටීමට ඌවේ ජනතාවට අවස්ථාව සලසා දිමත්, ඌව පළාත් සභාව ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලයෙන් අපේක්ෂා කොට ඇත.

 

 

 
 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4